FAST NEWS

24×7 Around the Globe

වැට් බද්ද අඩු කළ ද භාණ්ඩ රැසක මිළ අඩු නොවේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැට් බද්ද අඩුකලද එමගින් හාල්, ගෑස්, තෙල් ඇතුලූ භාණ්ඩ රැසක මිළ අඩුවීමක් සිදුනොවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එමගින් ඇසුරුම් කරන ලද කුකුල් මස් හා මස් ආශ‍්‍රිත නිෂ්පාදන, ආනයනික කිරිපිටි හා පැණිබීම, ආනයනික සත්ව ආහාර, මිල අඩුවන ආහාර ද්‍රව්‍ය ලෙස   දැක්වේ.

අර්තාපල්, ලූණු, පරිප්පු, පාන්පිටි, සීනි, ටින් මාලු, ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් යනාදියටද වැට් බද්ද බලනොපාන බව අධිකාරිය කියා සිටියේය.

එමෙන්ම ගොඩනැගිලි ද්‍රව්‍ය ලෙස යකඩ භාණ්ඩ, සිමෙන්ති, අස්බැස්ටස් සෙවිලි තහඩු, ආනයනික සරනේරු, යතුරු, දොර අගුලූ ආදියෙහි ද මිළ ගණන්ද අඩුවනු ඇත.

මීට අමතරව වාහන අමතර කොටස්ද වැට් බද්ද අඩුවීම නිසා මිළ අඩුවිය යුතු භාණ්ඩ අතර වන බව සඳහන්.