FAST NEWS

24×7 Around the Globe

හමුදා කඳවුරකට එල්ල වූ ප්‍රහාරයකින් කාන්තාවන් 35 ක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  බුර්කිනා ෆාසෝහි හමුදා කඳවුරකට සහ නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 දෙනෙකු මියගොස් තවත් හමුදා භටයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

අදාල ප්‍රහාරයෙන් සටන්කාමින් 80 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙම ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් එරට ජනාධිපති රොච් මාක් ක්‍රිස්ටියන් කබෝර් විසින් දෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ අදාළ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැති බවයි.