(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා ප්‍රාන්තයේ දී ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ බස් රථයක් අඩි 500 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුරේදී තවත් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර , අතුරුදන් වූ තවත් පුද්ගලයන් සිටීදැයි සෙවීමට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට බළධාරීන් සඳහන් කරයි.









