(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙක්සිකෝවේ කොසුමෙල් දිවයිනේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් හය දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Carnival Glory නම් වූ නෞකාවක් සහ තවත් එවැනිම වූ විශාල පරිමාණයේ නෞනාවක්.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ අනතුරින් Carnival Glory නෞකාවේ අවරයට හානි වූ අතර එහි සිටි මගීන් සිදුවීමෙන් භීතියට පත්වූ බවයි.
මෙම අනතුර සිදුව ඇත්තේ මුහුද රළු ස්වභාවයක් ගෙන තිබූ අවස්ථාවක බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.









