(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ‘AHASA ONE’ගුවන් පාලම (Sky Bridge) ඉහළට එසවීම පසුගිය 15 වැනිදා සිදුකරනු ලැබූ අතර , මෙහිදී සැෆායර් රෙසිඩන්සීස් හා ITC ONE හෝටල් සංකීර්ණය මීටර් 100 ඉහළ අගයේදී එකිනෙක සම්බන්ධ වෙයි.
මෙහි ඉදිකිරීම් සිදුකරන ඉන්දීය සමාගමේ නියෝජිතයින් එම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කරුණු පැහැදිලි කිරීමක් ද ඊයේ (19) නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී සිදුකරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා හා එහි අධ්යක්ෂ ජෙනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ද සහභාගී වූහ.







