(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ නව පුරවැසි පනතට එරෙහිව නවදිල්ලි නුවර පැවති විරෝධතාවලදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුම් හටගෙන තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ එහිදී විරෝධතාකරුවන් බස් රථ කිහිපයකටත් ගිනිතබා ඇති බවයි.
ඊයේ (15) වන විට විරෝධතා හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යව 6 දක්වා ඉහළ ගොස් තිබූ අතර පොලිස් වෙඩි පහරින් සිව් දෙනෙකු මරණයට පත්ව ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.
පවතින වාතාවරණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති බව සඳහන්.
එමෙන්ම තවත් ස්ථානවල අන්තර්ජාල හා ජංගම දුරකතන සබඳතා තාවකාලිකව අත්හිටුවා තිබේ.
පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය යන රටවලින් පැමිණෙන මුස්ලිම් නොවන සරණාගතයන්ට පමණක් පුරවැසිභාවය ලබාදෙන අදාළ පුරවැසි සංශෝධන පනත සම්මතවීමත් සමඟ ඊසානදිග ඉන්දියාවේ බටහිර බෙංගාලය සහ ඇසෑම් ප්‍රාන්තයේ විරෝධතා හටගත් අතර, මේ දක්වා දින 5 ක කාලය තුළ විරෝධතා අතරතුර ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් හයදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.









