FAST NEWS

24×7 Around the Globe

2019 ලෝක රූ රැජිණ කිරුළේ හිමිකාරත්වය ජැමෙයිකාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලන්ඩන් නුවර පැවති 2019 ලෝක රූ රැජිණ තරගාවලියේ ජය හිමි කර ගැනීමට ජැමෙයිකාවේ ටෝනි ඈන් සිං සමත්ව තිබේ.

ජැමෙයිකාවේ ශාන්ත තෝමස් හි මොරන්ට් හි උපත ලැබූ ඇය 23 හැවිරිදි වියේ පසුවන අතර ඇය ෆ්ලොරිඩා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකි.

ලෝක රූ රැජින තරගයේ අවසන් වටයේදී දෙවන තැන හිමිවූයේ ප්‍රංශයේ  ඕෆ්ලි මෙසිනෝටයි.

විදෙස් මාධ්‍ය සනහන් කලේ ටෝනි ඈන් සිං ලෝක රූ රැජින කිරුළ ජයග්‍රහණය කළ හතරවන ජැමෙයිකානු කාන්තාව බවයි.

ඒ අතර මෙවර ලෝක රූ රැජින තරගාවලියේ තුන්වන තැන හිමිවූයේ ඉන්දියාවේ සුමන් රා ඕට බව සඳහන් වේ.