(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය වෙළඳ යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස පළමු අදියරේ ගිවිසුම සඳහා එකඟ වූ බව නිවේදනය කළේය.
ඒ අනුව දෙපාර්ශවය විසින් එකිනෙකාට එරෙහිව පනවනු ලැබූ දඬුවම් තීරු බදු ඉවත් කර ගැනීමට නියමිතයි.
චීනය සමඟ වෙළඳ ගිවිසුමේ විශාල අදියරකට එකඟ වූ බව ජනපති ට්රම්ප් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්රකාශ කළේය.
ඒ අනුව ලබන වසරේ මුල් සතියේදී ගිවිසුම සඳහා අත්සන් තැබීම සිදුකෙරෙනු ඇත.









