(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානය එළඹෙන මහ මැතිවරණයට තරඟ වදින්නේ පුටුව ලකුණින් බව ප්‍රකාශ කර තිබේ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසුවේය.
කොළඹ ඩාලී පාරේ පිහිටි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ මෙම හමුව පැවැත්විණි.









