FAST NEWS

24×7 Around the Globe

ලෝක උරුමයක් වූ තායි සම්බාහනය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  යුනෙස්කෝවේ කීර්තිමත් ලෝක උරුම ලැයිස්තුවට සාම්ප්‍රදායික තායි සම්බාහනය ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර , තායි සම්බාහනය පරම්පරා ගණනාවක් ඉදිරියට ගෙන ආ සංස්කෘතික උරුමයක් බව අදාළ ලැයිස්තුවට ඇතුළත් කරමින් යුනෙස්කෝ සංවිධානය සඳහන් කළේය.  

යුනෙස්කෝව විසින් ලොව ප්‍රකට ගොඩනැගිලි සහ ස්ථාන ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරෙන අතර, ස්පර්ශ කළ නොහැකි දෑ තවත් ලැයිස්තුවකට ඇතුළත් කරනු ලබයි.

ඒ අනුව එම අස්පර්ශනීය ලෝක උරුම ලැයිස්තුවට තායි සම්බාහනය ඇතුළත් වෙයි.