FAST NEWS

24×7 Around the Globe

බ්‍රිතාන්‍ය මහ මැතිවරණය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වර්ෂ පහක් තුළ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන තුන්වන මහ මැතිවරණය අද (12) ආරම්භ වෙයි.

මෙම ඡන්ද විමසීම ආසන 650 ක් සඳහා පැවැත්වේ.

ඒ සඳහා තරග වදින ප්‍රධාන පක්ෂ දෙක වන්නේ වත්මන් අගමැති බොරිස් ජොන්සන්ගේ නායකත්වයෙන් යුත් කන්සර්වේටිව් පක්ෂය සහ ජෙරමි කෝබින්ගේ නායකත්වයෙන් යුත් කම්කරු පක්ෂයයි.

ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 12.30ට ආරම්භ වන ඡන්ද විමසුම හෙට අළුයම තුන හමාරට අවසන් වනා අතර ඡන්ද ප්‍රතිඵල සිකුරාදා පස්වරුව වන විට නිකුත් කිරීමට නියමිතයි.