(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊසානදිග මෝසම සක්රිය වීමත් සමඟ දිවයිනේ උතුරු ප්රදේශයට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් එළවළු වගාවන් රැසක් විනාශ වී තිබේ.
මිරිස්, බණ්ඩක්කා, වම්බටු, පතෝල වගාබිම් අක්කර 900ක ප්රමාණයක් විනාශ වී ඇති බව මුලතිව් දිස්ත්රික් කෘෂිකර්ම කාර්යාල ප්රකාශකයෙකු සඳහන් කළේය.







