FAST NEWS

24×7 Around the Globe

චිලී ගුවන් යානයක් 38 දෙනෙකු සමඟ අතුරුදන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබූ චිලී ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් අතුරුදන්වී ඇති බව චිලී ගුවන් හමුදාව නිවේදනය කර තිබේ. 

මෙම ගුවන් යානය තුළ පුද්ගලයින් 38 දෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අතුරුදන් වූ යානය සහ එහි සිටි පුද්ගලයන් සොයා ගැනීම සඳහා සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව චිලී ගුවන් හමුදාව පවසයි.