FAST NEWS

24×7 Around the Globe

විශ්ව රූ රැජින දකුණු අප්‍රිකාවෙන් [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 විශ්ව රූ රැජින ලෙසින් දකුණු අප්‍රිකාවේ – සොසිබිනි ටුන්සි අද (9) කිරුළු පැළදීය.

ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවති 68 වැනි විශ්ව රූ රැජින තරඟාවලියේදී ලොව පුරා රටවල් 90ක රූ රැජිණියන් සහ තරඟ වැදුණු අතර, පුවටෝ – රීකෝ සහ මෙක්සිකෝ රූ රැජිණියන් දෙවන සහ තුන්වැනි ස්ථාන හිමි කර ගත්තේය.

සමේ කළු පැහැය කාන්තා රූ සපුව සැඟවූ කාලයක් පැවති බව 26 හැවිරිදි කළු ජාතික රූමතියක් වන සොසිබිනි ටුන්සි විශ්ව රූ රැජිණ කිරුළ ජයග්‍රහණය කිරීමෙන් පසු ප්‍රකාශ කළේය.