FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයට ඇමතිවරුන්ගේ සබඳතා අගරදගුරු හෙළි කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට ලැබී ඇති බවට පාස්කු ඉරිදා ප්‍රහාරයට හිටපු රජයේ ඉහළ ඇමතිවරුන් පිරිසකගේ ඇති සබදතා සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් තොරතුරු වාර්තා වේ.

පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන්හිදී කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අතර එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවයන් ගැන කරුණු සහිතව උන්වහන්සේ හෙළි කොට ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහ පසුව ඇතිවූ සිද්ධීන් වලට සහ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට හිටපු රජයේ ඉහළ ඇමතිවරුන් පිරිසකගේ ඇති සබදතා සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් එහිදී හෙළි කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

අදාළ ඇමතිවරුන් සම්බන්ධයෙන් වන තොරතුරු අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන ජනාධිපති කොමිසම ඔවුන්ව ඉදිරියේදී කොමිසමට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.