FAST NEWS

24×7 Around the Globe

නවදිල්ලියේ ගින්නකින් 43 ක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද අලුයම (08) ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු රෝහල් ගත කර තිබේ. 

අද අලුයම 5.22 ට පමණ ගින්න වාර්තා විය.

කර්මාන්ත ශාලාව තුළ සිරවී සිටි කිහිප දෙනෙකු රෝහලට ගෙන ගිය පසු මියගිය බව ගිනි නිවීමේ නිලධාරියෙක් ඉන්දීය මාධ්‍ය වෙත තහවුරු කළේය.