(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හයිද්‍රාබාද් හිදී පශු වෛද්‍යවරියක් දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබේ.
එම සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමට දැරූ උත්සහ යකදී බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රියංකා රෙඩ්ඩි නම් මෙම පශු වෛද්‍යවරිය පසුගිය නොවැම්බර් 27 වෙනිදා සිය සේවා කටයුතු නිම කොට නිවෙස බලා යමින් සිටියදි පැහැරගෙන ගොස් සමුහ දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරෙක් ඇතුළු සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේය.
මෙම අපරාධය සිදුකළ ස්ථානයට අද (06) අළුයම් කාලයේදී පොලිසිය විසින් සැකකරුවන් සිව්දෙනා රැගෙනවිත් තිබේ.
ඒ ඔවුන් එම අපරාධය සිදුකළ අයුරු සම්බන්ධයෙන් අධිකරණයට කරුණු ගොනු කිරීමට අවශ්‍ය අපරාධය වූ ආකාරය ප්‍රති නිර්මාණය කර ගැනීමේ අරමුණින් යුතුවයි.
එහිදී මෙම සැකකරුවන් සිව්දෙනා පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා යාමට උත්සහ දරා ඇති අතර එහිදී ඔවුන් පොලිසිය විසින් ඔවුන්ට වෙඩි තබා ඝාතනය කොට තිබේ.









