FAST NEWS

24×7 Around the Globe

සුඩානයේ ගෑස් ටැංකියක් පිපිරීමෙන් 23 දෙනෙක් ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සුඩානයේ කාර්ටූම් අගනුවර සෙරමික් කම්හලක ගෑස් ටැංකියක් පුපුරායාමෙන් පුද්ගලයින් 23 දෙනෙක් මියගොස් තවත් 130කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙම පිපිරීමත් සමඟ විශාල ගින්නක්ද හටගෙන ඇති අතර තුවාල ලැබූවන් රෝහල්ගත කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඉන් තුවාල ලැබූවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි

අනතුරින් මියගිය පිරිස අතර විදේශිකයන්ද සිටින අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙක් ආසියාතිකයන් බවට ද වාර්තා වෙයි.

පිපිරීමෙන් අදාළ කම්හල මුලුමනින්ම පාහේ විනාශයට පත්ව තිබෙන බවත් සිදුවීමට හේතු සොයා විමර්ශන ක්‍රියාත්මක කර ඇති බවත් එඅරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.