FAST NEWS

24×7 Around the Globe

බස් රථවල සහ ට්‍රක් රථවල මිල පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බදු ප්‍රතිශතය පහත හෙලීමත් සමඟ ආනයනික බස් රථවල සහ ට්‍රක් රථවල මිල රුපියල් 50,000කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රංජන් පීරිස් කියා සිටියේ අනෙකුත් වාහන වර්ග ගෙන්වීමේදී වැට් සහ ජාතික ගොඩනැගීමේ බදු අය නොකරන බැවින් ඒවායේ මිලෙහි වෙනසක් සිදු වී නොමැති බවයි.

මිට අමතරව මේ මාසයේ සිට ජංගම සහ ස්ථාවර දුරකතන ගාස්තු වල අඩුවීමක් සිදුවන බව විදුලි සංදේශ නියාමන කොමිසම් සභාව පවසයි.

ඒ විදුලි සංදේශ බදු 25% කින් පහත හෙලීමත් සමඟයි.