FAST NEWS

24×7 Around the Globe

අධික වර්ෂාවෙන් ප්‍රංශයට බලපෑම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධික වර්ෂාව හේතුවෙන් ප්‍රංශයේ දකුණුදිග කලාපයේ තවදුරටත් උග්‍ර ජල ගැලීම් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පවසයි.

ඒ අනුව දකුණුදිග ප්‍රංශයට බලපා ඇති ගංවතුර තත්ත්වය තවදුරටත් උග්‍රවී තිබේ.

මේ අතර සහන සේවාවල නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙක් හදිසි අනතුරකින් මියගොස් ඇති බවද විදෙස් වාර්තා වල දැක්වේ.

කලාපයේ පිහිටි නිවාස හා මහාමාර්ග රැසක් ජල ගැලීම්වලට හසුව ඇති බව සඳහන් වේ.

මේ හේතුවෙන් බොහෝ පිරිසක් පීඩාවට පත්ව සිටින බව එරට වාර්තා පවසයි.

අයහපත් කාලගුණය හේතුවෙන් එරටින් මරණ කිහිපයක්ද වාර්තාවී තිබේ.

මේ අතර විපතට පත් පුද්ගලයන් මුදාගැනීමේ මෙහෙයුම්වල නිරතව සිටි පුද්ගලයන් තිදෙනෙක්, ඔවුන් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය කඩාවැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවද විදෙස් වාර්තා පවසයි.