FAST NEWS

24×7 Around the Globe

ලන්ඩන් පාලම ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බ්‍රිතාන්‍යයේ ලන්ඩන් පාලම මතදී එල්ල වූ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගෙන තිබේ.

එම සංවිධානයට අයත් අමාක් වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ  සිය සටන්කරුවෙකු විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඒ සඳහා කිසිදු සාක්ෂියක්  ඉදිරිපත් කර නැහැ.

තම සංවිධානයට එරෙහිව සටන් වදින රටවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙස සිදුකළ ඉල්ලීම මත උස්මාන් ඛාන් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි අයි.එස්. සංවිධානය කියා සිටියේ.

28 හැවිරිදි උස්මාන් ඛාන්, ලන්ඩන් පාලම මත එල්ල කළ පිහි ප්‍රහාරයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් තුන්දෙනෙකු තුවාල ලැබුවේය.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක අතර ප්‍රහාරය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ලෝක ප්‍රකට ලන්ඩන් පාලම ඊයේ යළි විවෘත කර තිබේ.