ජෝන්ගේ දේශපාලන ගමනට තිත

ජෝන්ගේ දේශපාලන ගමනට තිත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග විසින් එක්සත් ජාතික පක්‍ෂයේ වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තමා කල්පනා කරමින් සිටින බව පවසයි.

එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා සමඟ සාකච්ඡා කර ආසනයෙන් ඉල්ලා අස්වීමේ තීරණයට එළඹෙන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

ඔහු විසින් එක්සත් ජාතික පක්‍ෂයට ජනාධිපතිවරණයේදී ලැබුණු ප්‍රතිඵලය ගැන සෑහීමකට පත්විය නොහැකි බවත්, තමා වත්තල ආසනය ජය ගත්තද මීට වඩා ජයග්‍රහණයක් අපේක්‍ෂා කර තිබේ.

ඒ අනුව මන්ත්‍රී ධූරයෙන් විශ්‍රාම ගැනීමට කාලය එළඹ ඇති බවත්, වර්තමාන වියදම් දෙස බැලීමේදී මහ මැතිවරණයට තරඟ කිරීම පහසු කාර්යක් නොවන බව ඔහුගේ අදහසයි.

එසේම දශක හතරක් තිස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අත්දැකීම් ලබාගෙන ඇති තමන්ට ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට සුදුසුම කාලය එළඹ ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.