FAST NEWS

24×7 Around the Globe

ට්‍රම්ප්ගෙන් හොංකොං විරෝධතාකරුවන්ට සහය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හොංකොං විරෝධතාකරුවන්ට සහාය පල කිරීම සඳහා වන නීති කෙටුම්පතකට අත්සන් තබා තිබේ.

අමෙරිකාව ගත් එම පියවර චීනය සමඟ පවතින මතබේදය උත්සන්නවීමට තුඩුදෙනු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

අදාළ කෙටුම්පතට පසුගිය මාසයේදී කොංග්‍රසයේ අනුමැතිය හිමිවූ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද ඊට අත්සන් තබා තිබේ.

මිට අමතරව, හොංකොං ජනතාව පාලනය කිරීම සඳහා යොදාගන්නා ආයුධ හොංකොං පොලිසිය වෙත අපනයනය කිරීම තහනම් කරන ලේඛනයකටත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තබා ඇත.