එංගලන්ත රෝයල් ලන්ඩන් කුසලාන ප්‍රාන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ග්ලෝසේස්ටර්ශෙයර් කණ්ඩායම සමත් වුණා.
ඒ කුමාර් සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායම පරාජය කරමින්.
තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ග්ලෝසෙස්ටරශෙයර් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 220ක් රැස්කිරීමට සමත්වුණා.
එයට පිළිතුරු ලෙස සරේ කණ්ඩායමට රැස්කළ හැකි වූයේ ලකුණු 214ක් පමණයි.
සරේ කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකරමින් ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ලකුණු 60ක් රැස්කළත් එය තරගයේ ජයග්‍රහණය සඳහා ඔවුන්ට ප්‍රමාණවත් නොවුණා.
ලෝඩ්ස් ක්‍රිකට් පිටියේ ඊයේ (19) පැවැති අවසන් තරගයේදී සරේ කණ්ඩායම වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් දවා ගැනිමට ජේඩ් ඩර්න්බැච් සමත්වුණා.
සරේ කණ්ඩායමේ අවසන් කඩුලු ත්‍රිත්වය ලකුණු 214දී දැවී යාම ඔවුන්ගේ පරාජයට වැඩි වශයෙන් බලපෑවා.
අවසන් පූර්ව තරගයේදී ලකුණු 166ක් රැස්කරමින් සංගා සරේ කණ්ඩායම අවසන් මහ තරගයට කැඳවාගෙන එනු ලැබුවා.






