පිරිමින් තිදෙනෙකු විසින් වරින් වර බරපතල ලෙස අපයේජනය කරන ලද දැරියක් සම්බන්ධයෙන් තොරතුරක් ගණේමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. සත් හැවිරිදි මෙම දැරිය තම සීයා, මාමා සහ අසල්වැසි තරුණයෙකු විසින් වරින් වර අපයෝජනය කර ඇති බවයි පොලිසිය හමුවේ පවසා ඇත්තේ.
ඊයේ (17) රාත්‍රියේ පොලිසියට ලැබුණු නිර්ණාමික ඇමතුමකට අනුව මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිත බවයි පොලිසිය පවසන්නේ. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර තිබෙනවා.
මෙම දැරිය ගේ පියා මීට වසර කිහිපයකට පෙර සියදිවි හානිකරගෙන තිබෙනවා. මව පෞද්ගලික ආයතනයක සේවයට යන බැවින් දැරිය සිට ඇත්තේ මිත්තණිය සහ සීයා භාරයේය. මිත්තණිය මේ පිළබඳව මෙතෙක් කිසිවක් නොදන්නා බව පවසා අත්තේ








