බි්රතාන්ය ආරක්ෂක සුබසාධන අරමුදලට මුදල් රැස් කිරීමේ අරමුණින් ලෝක කණ්ඩායම සහ එංගලන්ත හීරෝස් කණ්ඩායම අතර පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයක් ඊයේ (18) පැවැත්වුණා. එසරේ හි කියා හි ඕවල් කී‍්‍රඩාංගණයේදීයි.
ලෝක කණ්ඩායමට බ්‍රෙන්ඩන් මැකලම් නායකත්වය ලබාදුන් අතර ඊට මහේල ජයවර්ධන, බ්‍රයන් ලාරා, ග්රැහැම් ස්මිත්, මැතිව් හේඩින්, ඩැනියෙල් වෙටෝරි සහ අබ්දුල් රසාක් යන කී‍්‍රඩකයින්ද ඇතුළත් වුණා.
ඇන්ඩෲ ස්ට්රාවුස් නායකත්වය දැරූ එංගලන්ත හීරෝස් කණ්ඩායමට , මහේන්ද්‍ර සිං දෝනි, විරේන්ද්‍ර ෂෙවාග්, හර්ෂල් ගිබ්ස් සහ සහීඩ් අෆ්රිඩිද ඇතුළත්. ඊට එංගලන්ත ආරක්ෂක අංශ නිලධාරීන්ද ඇතුළත්ව සිටියා.
මෙම තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කළේ එංගලන්ත හීරෝස් කණ්ඩායමයි.
පළමුවෙන් පන්දුවට පහරදුන් ලෝක කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කළා.
මහේල ජයවර්ධන ලකුණු 48 යි. පන්දු 28කදී වාර්තා වූ මහේලගේ ඉනිමට හතරේ 5ක් සහ එක් හයේ පහරක් අතුළත් වුණා.
ලකුණු 159ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත හීරෝස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 3ක් අවසානයේ කඩුලූ 6ක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.






