FAST NEWS

24×7 Around the Globe

චාමර කපුගෙදරටත් PSL වරම් හිමීවෙයි ?

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරු චාමර කපුගෙදර, පාකිස්තානයේ පැවැත්වෙන පන්දුවාර 20 ප්‍රිමීයර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගි කරවා ගැනිමේ සූදානමක් ඇතැයි වාර්තා වනවා.

ඊට හේතු වී ඇත්තේ පාකිස්තානය සමග ඉකුත්දා පැවති පන්දුවාර 20 තරග දෙකේදී ඔහු දැක්වූ දක්ෂතායි.

එම තරගාවලිය සඳහා ලංකාව නියෝජනය කරමින් කුමාර් සංගක්කාර, ටී එම් ඩිල්ෂාන්, තිසර පෙරේරා, අජන්ත මෙන්ඩිස් ඇතුළු ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහභාගි වන බවට මීට පෙර වාර්තා පළ වුණා.

තරගාවලිය ලබන වසරේ පෙබරවාරි මස 4 වනදා සිට 24 වනදා දක්වා පැවැත්වෙනවා. තරගාවලියට තරග 24 ක් ඇතුළත්. පාකිස්තානයේ මෙවැනි පන්දුවාර 20 තරගාවලියක් සංවිධාන වන්නේ ප්‍රථම වරටයි.