ලබන වසරේ මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ යටතේ කොළඹ මහ නගරසභාවේ නගාරාධිපතිනි අපේක්ෂිකාව ලෙස තරග වැදීමට රෝසි සේනානායක මහත්මිය සූදානමින් සිටින බවට දේශපාලන ආරංචි වාර්තා කරනවා.
ඇය මෙවර මහමැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පරාජයට පත්වුවත් පැරදුණ ලැයිස්තුවේ උඩින්ම සිටින්නේ ඇයයි.
මේ දිනවල අගමැති මධ්‍ය ප‍්‍රකාශිකාව හා අගමැති කාර්ය මණ්ඩල නියෝජ්‍ය ප‍්‍රධානී ලෙස කටයුතු කරන රෝසි ඉදිරි මැතිවරණයට දැන් සිටම සූදානමින් විවිධ ක‍්‍රියාකාරකම් අරඹා ඇතැයිද වාර්තා වනවා. කෙසේ වෙතත් දැනට කොළඹ නගරාධිපති පුටුව හොබවන එජාපයේ මුසම්මිල් මහතාද එම මැතිවරණයට ඉදිරිපත්වී ඇය සමග සටනක නියැළෙන්නට අපේක්ෂා කරන බව වාර්තා වුණා.








