(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇමරිකාව සහ චීනය අතර වෙළද යුද්ධය අවසන් කිරිමේ එකගතාවයක් නුදුරේදී අපේක්ෂා කළ නොහැකි වීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ රන්මිල ඉහල යාම සති අන්තයේදී දක්නට ලැබේ.
ඇමරිකානු ඩොලර් 1513ක් ලෙස රන් අවුන්සයක මිල දැන් සටහන් වී තිබේ.
රන් මිල මේ වසරේ තුන්වන කාර්තුවේදී සියයට 12.6 කින් ඉහල ගියේ වසර 06කින් ඉහලම අගයන් සලකුණු කරමිනි.
මේ වසරේදී රන් මිල සියයට 9.5කින් ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ලබන 2020 වසරේදී රන් අවුන්සයක මිල ඩොලර් 1600 දක්වා ඉහළ යා හැකි බව ලෝක බැංකුව වෙළඳපොල විශ්ලේෂණ වාර්තාවක් ඉදිරිපත් කරමින් ප්රකාශ කර ඇත.







