දකුණු ආසියානු කණ්ඩායම් වලට එරෙහිව එංගලන්තය සතු ජයග්‍රහණ වාර්තාව ඉහළ නැංවීමට මහේල ජයවර්ධනට හැකිවනු ඇතැයි එංගලන්ත පිිතිකරු ඉයන් බෙල් පවසයි.
එංගලන්තය හා පාකිස්තානය අතර එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා එංගලන්ත කණ්ඩායමේ පිතිහරඹ උපදේශක වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන පත්කිරීමට එංගලන්ත බලධාරීහු කටයුතු කර තිබිණි. මෙම තනතුර සඳහා මහේල තෝරා ගැනීම සම්බන්ධයෙන් ඉයන් බෙල් එසේ පවසා තිබිණ.
මහේල ජයවර්ධන පිතිහරඹ පුහුණුකරු වශයෙන් පත්කිරීම ඉතා විශිෂ්ට තීරණයක් යැයි 33 හැවිරිදි ඉයන් බෙල් පැවැසීය.
”අපි කළ යුතුව තිබෙන්නේ, ආසියානු උපමහද්වීපයේ දී සාර්ථක වීමයි. ඔහු එතෙක් මෙතෙක් ආසියාවෙන් බිහි වූ සුවිශේෂීම කී‍්‍රඩකයෙක්” ඉයන් බෙල් පවසයි.
පසුගිය වසරේදී ටෙස්ට් පිටියෙන් සමුගත් මහේල ජයවර්ධන ටෙස්ට් තරග 149 කදී ලකුණු 11,814 ක් ද එක්දින ජාත්‍යන්තර තරග 448 කදී ලකුණු 12,650 ක්ද රැුස් කිරීමට සමත් වූ කී‍්‍රඩකයෙකි.
”පාකිස්තාන තරගාවලිය ආරම්භවීමට පෙර, සියලූ පෙර පුහුණුවීම්වලට පෙරත් ඔහු අප හා එක්වීම අපට විශාල වාසියක්. මා ඔහු සමඟ පුහුණුවීම් කරන්න බලාගෙන ඉන්නවා”
”ආසියාවේදී මහේල දවාගන්නවා කියන්නේ දුෂ්කර වැඩක්. මට පුළුවන් හැම ආකාරයකින්ම ඔහුගේ මොළයෙන්, දැනුමෙන් ප්‍රයෝජන ගන්නවා. කී‍්‍රඩාව උසස් කිරීමට මට ඔහුගෙන් ලබාගත හැකි සෑම දෙයක්ම ඉගෙන ගන්නවා”
”පුළුවන් වුණොත් එයාට කරච්චලයක්ම වෙලා එයාගෙන් ඉගෙන ගන්නවා” යැයි ඉයන් බෙල් කියයි.
පාකිස්තාන කණ්ඩායම හා එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී 2012 වසරේ පැවැති ටෙස්ට් තරගාවලිය එංගලන්ත කණ්ඩායම 3 – 0 ලෙස පරාජයට පත්විය. එහෙත් එංගලන්ත පිල මේ වතාවේදී ඇලේක්ස් හේල්ස් හා මොයින් අලී සමඟ වඩාත් සන්නද්ධව සිටින බව ඉයන් බෙල් විශ්වාස කරයි.
හේල්ස්ට මෙන්ම මොයීන් අලිටද අවශ්‍ය වුවහොත් ආරම්භක පිතිකරුවන් වශයෙන් කටයුතු කළ හැකිය.
”මා අත්දැකීමෙන් දන්නවා එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී කී‍්‍රඩා කළ යුතු ආකාරය. ඔබ එහිදි නම්‍යශීලි විය යුතුයි, වෙනස්ම ආකාරයකට කි‍්‍රකට් කී‍්‍රඩා කළ යුතුයි”
”ආසියානු මහද්වීපයට ගියාම අපි ආදේශකයක් දෙසත් බැලිය යුතුයි. දඟ පන්දු යවන්නකුගෙන් ආරම්භ කළ හැකියි. එය අත්හදා බැලීමට නම් අපට දඟ පන්දු යවන්නෝ දෙදෙනෙක් හෝ තිදෙනක් අවශ්‍යයි. එහෙම වෙනවා නම්, එය ගොඩක් හොඳයි”
”මොයින් අලීට ඉනිම ආරම්භ කරන්න පුළුවන් නම් තව පන්දු යවන්නෙක් යොදාගන්න අපට අවස්ථාව තියෙනවා. එය වැදගත්. අපේ සංචිතයේ ඕනෑ තරම් අවස්ථා තිබෙනවා’’ ඉයන් බෙල් කියා සිටියි.
‘අළු බඳුන’ දිනා ගැනීමත් සමඟ බෙල් සිය අනාගතය සම්බන්ධයෙන් නිශ්චිත යමක් නොපවසයි. කෙසේ වෙතත් 2017/18 ඕස්ටේ්රලියානු සංචාරයට එක්වීමට ඉයන් බෙල් කැමැත්තකින් මෙන්ම අධිෂ්ඨානයෙන්ද පසුවෙයි. එහෙත් එවිට ඉයන් බෙල්ගේ වයස අවුරුදු 35 කි. ඒ වන විට එංගලන්ත තේරීම් කමිටුව වයස්ගත කී‍්‍රඩකයන් දිහා බලන දෘෂ්ටිකෝණය අනුව ඔහුගේ ඉලක්ක රැඳී පවතිනු ඇත.
”අලූත් දේවල් ටිකක් දිහා බලන්න මට සුදුසු කාලය ඇවිල්ලා. විශ්වාසයකින් තොරව ඔබට කිසිදු දෙයක් කරන්න හෝ තරග සංචාරයකට එක්වෙන්න බැහැ”
”සූදානමක් නොමැතිව අමාරු අවස්ථාවලට මුහුණ දෙන්න බැහැ. මීළඟ ඕස්ටේ්රලියා සංචාරයට එක්වෙන එංගලන්ත කණ්ඩායම ගමන් ගන්නා ගුවන් යානයට එක්වීම ගැන හිතන්න කාලය වෙන් කරන එක ගැන සැකයක් නැහැ.” ඉයන් බෙල් වැඩිදුරටත් කියා සිටියේය.