(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පැරිසියේ සිට ලන්ඩන් දක්වා ගමන් කළ බස් රථයක් උතුරු ප්‍රංශයේදී පෙරළීමෙන් ශ්‍රී ලාංකිකයෙකු ඇතුලු පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම බස් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරින් සුළු තුවාල සිදුවූ පුද්ගලයන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා කලාපයේ විවිධ රෝහල් වෙත ගෙන යනු ලැබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ ප්‍රංශ ජාතිකයින් 11 දෙනෙකු සහ විදේශිකයන් 22 කු සිට ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.









