(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාලි රාජ්‍යයේ සොල්දාදුවන් 49 දෙනෙකුට මරු කැදවමින් බටහිර අප්‍රිකානු මාලි දේශයේ හමුදා මුරපොළක් ඉලක්ක කරගෙන ඊයේ (02) එල්ලවූ සන්නද්ධ ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
නැගෙනහිර – මෙනකා ප්‍රදේශයේදී බිම් බෝම්බයක් යොදාගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරයේදී තිදෙනෙකු තුවාල ලැබූ අතර, 20 දෙනෙකු දිවි ගලවාගෙන තිබේ.
ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානය හෙවත් අයි.එස්. සංවිධානය සමාජ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය ඉස්ලාමීය රාජ්‍යයේ සොල්දාදුවන් විසින් ඉන් බැහැර යන මාලි හමුදා සාමාජිකයන්ට මෙලෙස ප්‍රහාරයක් එල්ල කළ බවයි.









