FAST NEWS

24×7 Around the Globe

සජිත්,ගෝඨා,අනුර ලක්‍ෂ ගණනට විකිණෙන මැතිවරණ ඔට්ටු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෑම මැතිවරණ කාලයකදීම රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයින් අතර ඔට්ටු ඇල්ලීම දක්නට ලැබේ.

නමුත් මෙවර එම තත්වය තරමක් උණුසුම අයුරෙන් ක්‍රියාත්මක වන බව අප වාර්තාකරුවන් පවසයි.

විශේෂයෙන් එක් එක් අපේක්‍ෂකයා ලබා ගන්නා ප්‍රතිශත වලට පවා ඇතැමුන් ඔට්ටු ඇල්ලීමට හුරු වී සිටියි.

මෙම ඔට්ටු ඇල්ලීමෙන් ගොඩ ගිය ව්‍යාපාරිකයින් සේම හොඳ හැටි මට්ටු වූ ව්‍යාපාරිකයින්ද වෙයි.

පසුගිය ජනාධිපතිවරණය ඊට කදිම උදාහරණයකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ නැවත ජනාධිපති ලෙස ජය ගනු ඇති බවට බොහෝ ව්‍යාපාරිකයින් ලක්‍ෂ ගණනින් ඔට්ටු අල්ල තිබුණද අවසානයේ ඔවුන්ට විශාල ලෙස පාඩු විඳීමට සිදු වූ බව නොරහසකි.

කෙසේ වෙතත් මේ වන විට හංසයා සහ පොහොට්ටු අපේක්‍ෂකයින් වෙනුවෙන් ලක්‍ෂ ගණනින් ඔට්ටු අල්ලා අවසන් බවද වාර්තාවේ.

කෙසේ වෙතත් මෙම ඔට්ටු ජාවාරම මෙහෙයවන කෙනා කුමන අපේක්‍ෂකයා දිනුවද ඔවුන්ගේ ලාභය වෙනසක් නොවන බවද අප වාර්තාකරුවන් පෙන්වා දෙයි.