(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශීය විශ්වවිද්‍යාලවල ශාඛා සෞදි අරාබියේ විවෘත කිරීමට අවසර ලබාදීම සඳහා නව තීති හඳුන්වාදීමට සෞදි රජය කටයුතු කර තිබේ.
මේ සඳහා සෞදි රජු, සල්මාන් අබ්දුල්ලාසිස් අල්-සවුඩ්ගේ නායකත්වයෙන් යුත් සෞදි කැබිනට් මණ්ඩලය නිල වශයෙන් අනුමැතිය ලබා දී ඇති බව එරට මාධ්‍ය සඳහන් කරයි.
සෞදි අධ්‍යාපන ඇමති, ආචාර්ය හමාඩ් බින් මොහොමඩ් අල්-ෂීක් ප්‍රකාශ කළේ මෙම නිතියට අවසර ලබාදීමෙන් සෞදි අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකිරීමට හැකියාව ලැබෙන බවයි.









