(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ද්විත්ව කැබ් රථ හෙවත් ඩබල් කැබ් සදහා අය කළ සුඛෝපභෝගී බද්ධ අද (01) ඉවත්වන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව සුඛෝපභෝගී මෝටර් රථ හා ජීප් රථ වලින් පමණක් අදාල බද්ධ අය කෙරෙන අතර , මෙම බද්ධ පසුගිය මාර්තු 06 වනදා සිට ක්‍රියාත්මක වනු ඇත.
මාර්තු 06 වනදාට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලට නව බදු අදාළ වන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
නව රෙගුලාසි අනුව රුපියල් ලක්ෂ 35 කට වඩා වැඩි වටිනාකමක් ඇති ඩීසල් සහ පෙට්‍රල් මෝටර් කාර් සහ ජිප් රථ ආනයනයේදි සුඛෝපභෝගි බද්ද අයකරන බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.







