(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්ථානයේ – කරච්චි සිට රාවල්පිණ්ඩි දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (30) හට ගත් හදිසි ගින්නකින් මගීන් 65 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.
උදෑසන ආහාර පිසමින් සිටියදී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් ගින්න හට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
සිද්ධියෙන් මඟීන් 39 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා තිබෙන බවට වැඩිදුරටත් වාර්තා වේ.









