(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා ඝාතනයට ලක්වූ අයි. එස්. නායකයාට අමෙරිකානු හමුදා එල්ල කළ ප්‍රහාරය සම්බන්ධ වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කිරීමට පෙන්ටගන් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී අමෙරිකාව කටයුතු කර තිබේ.
සිරියාවේ වයඹදිග ඉඩ්ලිබ් පලාතේ ස්ථානයක සැගව සිටි අබු බකර් අල් බග්ඩාඩි අමෙරිකානු ප්‍රහාරය හමුවේ සිය දරුවන් දෙදෙනාත් සමඟින් දිවි නසාගැනීමට කටයුතු කළේ පසුගිය සතියේදීයි.
එම ප්‍රහාරයේදී ත්‍රස්ත නායකයාගේ දරුවන් තිදෙනෙක් මියගිය බවට ප්‍රකාශ වුණත්, වීඩියෝව නිකුත් කිරීමෙන් පසුව අමෙරිකාව අනාවරණය කළේ මියගොස් ඇත්තේ දරුවන් දෙදෙනෙක් පමණක් බවයි.









