FAST NEWS

24×7 Around the Globe

රාජපක්ෂ පවුලට එකතු වූ අලුත් අමුත්තා මෙන්න [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂ අද සිය පවුලේ ප්‍රථම මුණුබුරා බිහිවීමේ ප්‍රීතිය විදගත්හ. 

සිය බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට පුංචි පුතෙකු එකතු වූයේ අද (30) අලුයම් කාලයේදීයි.

කොළඹ පෞද්ගලික රෝහලකදී මෙම ප්‍රසූතිය සිදුවී ඇති අතර , රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මව සහ පුංචි පුතුත් සුවයෙන් පසුවන බවයි.

තම මුණුබුරා දැකගැනීම පිනිස පැමිණ සිටි මහින්ද රාජපක්ෂ මහතා සහ එම මැතිණිය රෝහල් පරිශ්‍රය තුළ ඉතාමත් සතුටින් සිටින ආකාරය දැකගත හැකි විය.

Image may contain: 2 people, people smiling, people standing and outdoor