බිත්තර රොටිය නිසා පොලිසියේ දෙදෙනෙකු ගුටි කයි

බිත්තර රොටිය නිසා පොලිසියේ දෙදෙනෙකු ගුටි කයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රදේශයේ සිදුවෙච්ච අකරතැබ්බයකි. මාවනැල්ල යනු කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. මෙම සිදුවීම වාර්තාවන හැටියටනම් එක්තරා ස්වාමි පුරුෂයෙකු සහ බිරිඳක් අතර සිදුවූ සිදුවීමකි.

හාස්‍යය උපදවන කරුණනම්, මෙම ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර ගැටුමට මුල් වී තිබෙන්නේ බිත්තර රොටියක් වීමය. එම ස්වාමි පුරුෂයා බිරිඳ අතර හටගත් ගැටුම විසඳීමට පැමිණි මාවනැල්ල පොලිසියටත් කෝප වූ අදාළ ස්වාමි පුරුෂයා එක දිගටම පහර දීමට කටයුතු කර තිබෙන අතර, පසුව ස්වාමි පුරුෂයාගෙන් පහර කෑ පොලිස් නිලදරුවන් රෝහල්ගත වීමෙන් අනතුරුව, පොලිස් නිලදරුවන් තමන්ට පහර දුන්නේයැයි පවසමින් ස්වාමි පුරුෂයා රෝහල් ගතවී තිබෙන බවට වාර්තා වේ.

ස්වාමි පුරුෂයා හා බිරිඳ අතර ගැටුමට හේතුව

ස්වාමි පුරුෂයා හෝටලයට ගොස් බිත්තර රොටියක් ගෙනවිත් ආහාරයට ගැනීමට සුදානම් වෙද්දී, බිරිඳ විසින් තමන්ට මෙන්ම තම දරුවාටද බිත්තර රොටි කෑමට අවශ්‍ය බවට පවසා තිබේ. පසුව, ස්වාමි පුරුෂයා විසින් තමන්ට සහ දරුවාට බිත්තර රොටි ලබා නොදීම හේතුවෙන් බිරිඳ අසල හෝටලයකට ගොස් තමන්ට සහ දරුවට කෑමට බිත්තර රොටී මිලදී ගෙන යලි නිවසට පැමිණීමෙන් අනතුරුව මෙලෙස දෙදෙනා අතර බහින් බස් වීම දුර දිග යෑමෙන් අනතුරුව එය ගුටි බැට හුවමාරුවක් දක්වා වර්දනය වී තිබේ.

மாவனெல்லயில் முட்டை ரொட்டியால் வன்முறை; பொலிஸார் உட்பட இருவர் வைத்தியசாலையில்