FAST NEWS

24×7 Around the Globe

සොයුරා මිතුරා සමඟ තම15 හැවිරිදි නැගණියට වසරක් තිස්සේ ලිංගික අතවර කරලා.

තම මිතුරෙකු හා එක්ව 15 හැවිරිදි සිය නැගණිය වසරකට අධික කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක් කළ සොයුරෙකු පිළිබඳ රඹුක්කන ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන ඇති අතර දැරියගේ සොයුරා 20 වන වියෙහිත් ඔහුගේ මිතුරා 23 වන වියෙහිත් පසුවන්නන් ය.

අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනා කෑගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අපයෝජනයට ලක් වූ දැරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර සිද්ධිය පිළිබඳ රඹුක්කන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.