FAST NEWS

24×7 Around the Globe

බ්‍රහස්පති ග්‍රහයා සෙනසුරු හමුවේ පසුබසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වැඩිම චන්ද්‍රයන් සිටින ග්‍රහලෝකය ලෙස බ්‍රහස්පති ග්‍රහයාට තිබු  ස්ථානය සෙනසුරු ග්‍රහයා ලබාගෙන ඇති බව ඇමරිකානු පර්යේෂකයන් පවසයි.

සෙනසුරු ග්‍රහලෝකය වටා නව චන්ද්‍රයන් 20ක් අලුතින් සොයාගෙන ඇති අතර සෙනසුරුට සිටින මුළු චන්ද්‍රයන් සංඛ්‍යාව 82ක් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රහස්පතිට සිටින චන්ද්‍රයන් ගණන 79ක් වන බවයි.

සෙනසුරු ග්‍රහයාගේ සිට කිලෝමීටර 5ක පමණ දුරකින් මෙම අලුතින් සොයාගත් චන්ද්‍රයන් පිහිටන බව ඇමරිකානු පර්යේෂකයන් සඳහන් කරයි.

හවායිවල ඇති  විශේෂ තියුණු දුරේක්ෂයකින් නිරීක්ෂණය කිරීමෙන් මෙම චන්ද්‍රයන් සොයාගෙන ඇති අතර අලුතින් සොයාගත් චන්ද්‍රයන් සදහා නම් යෝජනා කිරීමට නියමිතයි.