FAST NEWS

24×7 Around the Globe

csn නාලිකාව එජාප ඇමති මිලදී ගනී?

මේ දිනවල මූල්‍ය අර්බුදයකට පත්ව සිටින හිටපු ජනපති පුතුන්ට අයිති බවට කතා පැතිරුණ සීඑස්එන් නාලිකාව මිලට ගැනීම සඳහා ඇමති දයා ගමගේ උත්සාහයක නිරතවන බව වාර්තා වනවා.
පසුගිය දින සීයේ අතුරු අයවැයේදී ක‍්‍රීඩා නාලිකාවන්ට පැනවූ අධික බදු බර හේතුවෙන් සීඑස්එන් නාලිකාව පවත්වාගෙන යාම සම්බන්ධ ගැටලූ පැනනැගි අතර
ඉන් පසු එහි සේවකයින් විශාල ප‍්‍රමාණයක් වන්දි ගෙවා ඉවත් කර අවම මට්ටමකින් එය පවත්වාගෙනයාම සිදුවිය. මේ අතරවාරයේ පසුගියදා එෆ්සීඅයිඞීය මගින් සීඑස් එන් නාලිකාව සම්බන්ධ මූල්‍ය විශුද්ධිකරණ පරීක්ෂණයක්ද අරඹා තිබුණි.

ඒ හේතුවෙන් එහි හිටපු අධ්‍යක්ෂවරුන් හා ප‍්‍රධානීන් පොලිස් පරීක්ෂණ සඳහා සහභාගී වුණා.පසුගිය මහමැතිවරණ සමයේ මෙම නාලිකාව ඔවුනට හිමි ක‍්‍රීඩා වැඩසටහන් අවසර පත‍්‍රය පසෙක තිබියදී දේශපාලන හා ප‍්‍රවෘත්ති නාලිකාවක් ලෙසද හැසිරුණ අතර ‘මහින්ද සමග නැගිටිමු’ රැුළි සජීවී ප‍්‍රචාරණයේ යෙදවූ නාලිකාව බවටද පත්වුණා.

ව්‍යාපාරිකයෙකු වන ඇමති දයා ගමගේ මෙම නාලිකාව මිලට ගැනීම සඳහා ලංසුවක් ඉදිරිපත් කර ඇති බවට රාවයක් පැතිර ඇත්තේ නව ආණ්ඩුව බිහිවීමෙන් පසුය. කෙසේ වෙතත් එයට එම ආයතනය එක`ගවූයේද නැද්ද යන්න ගැන තවම ආරංචි නොවේ.

කෙසේ වෙතත් මින් සතියකට පමණ පෙර කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය සීඑස්එන් නාලිකාව විකිණීම පැවරීම හෝ බදුදීමට එරෙහිව තාවකාලික වාරණයක් පනවා ඇත. එයට හේතුව මුදල් විශුද්ධිකරණ ගනුදෙනුවක් සම්බන්ධ පරීක්ෂණයක් ක‍්‍රියාත්මක බැවින් ඒවා පැහැදිලිව අනාවරණය කරගැනීමට විකිණීමක් සිදුවුවොත් බාධාවන නිසාය.
එම තාවකාලික තහනමෙන් පසු මෙම ගනුදෙනුව සිදුවන්නට ඉඩ තිබේ.