FAST NEWS

24×7 Around the Globe

ණය කියන්නේ අපරාධයක් නෙමෙයි – අනුර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ණය යනු අපරාධයක් නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මාතර ජන සභාවක් අමතමින් සදහන් කර සිටියේය. 

මෙහිදී අනුර කුමාර දිසානායක පලකළ වැඩිදුර අදහස් ,

අපේ රටට ණය බරක් වීමේ හේතුවක් තමයි ණය වලින් අපේ වත්කම් නොබෙදීම. දැන් මේ පාලකයින් ට්‍රිලියන 11 ක ණයකරුවන් බවට පත්වෙලා තිබෙනවා. විගණකාධිපතිවරයා කිව්වා ට්‍රිලියන 11 ක් ණය ගත්තට වත්කම් තිබෙන්නේ 1.8 ක් පමණයි. 9.2 ක් අතුරුදන්. ඉතුරුවෙලා තියෙන්නේ 10 % ක වගේ ප්‍රමාණයක්. අතුරුදහන් ගණන 90 % ක් වගේ. ණය අර්බුධයක් බවට පත්වෙන පළවෙනි හේතුව තමයි ඇත්ත වත්කම් හදුනන්නෙ නැතිකම. දෙවැනි හේතුව තමයි ණය වලින් අවශ්‍ය වත්කම් මොනවාද යන්න හදුනන්නෙ නොමැතිකම.