FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභය අහිංසකයි නම් හිට්ලරුත් අහිංසකයි – හිරුණිකා [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර කියා සිටින්නේ ජාතික හැඳුනුම්පතක් නොමැතිව ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරය සඳහා තරඟ කළ පළමු පුද්ගලයා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවයි. 

ඇල්පිටිය බලමණ්ඩල රැස්වීම් සභාව අමතමින් ඒ මහත්මිය ඊයේ (29) මේ බව සදහන්කර සිටි අතර , ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ සහ දරුවන් එක්සත් ජනපද පුරවැසිභාවය ලබා ඇති බැවින් ඔවුන්ටත් ඡන්දය දීමට නොහැකි බව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

තම පවුලේ වඩාත්ම අහිංසක සාමාජිකයා යැයි කියා පසුගිය දිනක ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ හිට්ලර් පවා කුඩා අවධියේදී නිර්දෝෂී එමෙන්ම අහිංසක කෙනෙකු බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ තම දරුවන් කෙරෙහි තමා තුළ ඇති බිය මහජනතාවට ද තිබිය යුතු බවයි.

එමෙන්ම මීට වසර කීපයකට පෙර ඝාතනයට ලක්වූ තමන්ගේ පියා එනම් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සම්බන්ධයෙන්ද ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙහිදී ඇය ප්‍රකාශයක් සිදු කළාය.