FAST NEWS

24×7 Around the Globe

සවුදි අධිවේගී දුම්රිය ස්ථානයේ ගින්නක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සවුදි අරාබියේ වෙරළබඩ නගරයක් වන ජෙද්දාහි පිහිටි හරමයින් අධිවේගී දුම්රිය ස්ථානයේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීන් පවසයි.

රාත්‍රී 12:35 ට හටගත් ගින්නෙන් පසු දුම්රිය ස්ථානය වහලයෙන් කළු දුමාරයක් හටගෙන තිබේ.

එම ගින්න පැය 12 කට පමණ පසු පාලනය කර ගත් බව එරට සිවිල් ආරක්ෂක සේවය පවසයි.

වෛද්‍ය කණ්ඩායම් 16 ක් එම ස්ථානයේ සිටි බව එහි සඳහන් වෙයි.

ඉස්ලාමයේ ශුද්ධ වූ නගර දෙක වන මක්කම සහ මදිනා, ජෙද්දා නගරය සමඟ සම්බන්ධ කරන හරාමයින් දුම්රිය 2018 දී විවෘත කරන ලද අතර එහි වියදම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 කි.