FAST NEWS

24×7 Around the Globe

ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශයකට ඉන්දියාව නීති මගට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ මුසාෆර්පූර්හි අධිකරණයක නඩු පවරා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

ඉන්දීය නීතීඥයෙකු විසින් මෙම නඩුව පවරා ඇත්තේ පසුගියදා නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ සමුළුව අමතමින් ඉම්රාන් ඛාන් විසින් ඉන්දියාවට එරෙහිව ප්‍රතිවිරෝධාත්මක අදහස් පළකිරීමේ සිදුවීමකට අදාළව මෙම නඩුව පවරා තිබේ.

ඉම්රාන් ඛාන් පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුවේදි විනාඩි 50 ක කාලයක් තරමක් ආවේගශීලීව අදහස් පළකර තිබේ.

එහිදී ඉන්දියාව සහ පාකිස්ථානය අතර මත ගැටුම න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවට ද ඔහු ප්‍රකාශ කර තිබුණි.