FAST NEWS

24×7 Around the Globe

චීනයේ මගී බස්රථයක් අනතුරට.36 දෙනෙක් මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නැගෙනහිර චීනයේ ජිඇන්සු ප්‍රාන්තයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

එරට අධිවේගී මාර්ගයකදී මෙම බස් අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 69 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අනතුරකින් තවත් 36 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බස් රථයේ කාර්මික දෝශයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශණවලදී අනාවරණ වී තිබේ.

එහිදී මගී ප්‍රවාහන බස් රථය ට්‍රක් රථයක ගැටී ඇත.

චීනයේ වාර්තාවලට අනුව වාර්ෂිකව මෙවැනි අනතුරු බහුලව සිදුවන් අතර 2015 වසරේදී පමණක් රිය අනතුරු හේතුවෙන් චීනයේ මියගොස් ඇති පුද්ගලයන් ගණන 58000කි.