FAST NEWS

24×7 Around the Globe

ෆේරියල් අශ්රොෆ්ගේ සහයත් සජිත්ට?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ඉදිරි ජනාධිපතිවරණයේදී ෆේරියල් අශ්රොෆ් මහත්මිය එක්සත් ජාතික පෙරමුණට සහය දැක්වීමට සුදානමක් පවතින බවට තොරතුරු වාර්තා වේ.

මේ වන විට එජාපය හැර ගිය බොහෝ දෙනා යළි එජාපයට එක් වෙමින් තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී ඇය සඳහන් කලේ මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

නමුත් ඉදිරියේදී  තීරණයක් ගන්නා බව අශ්රොෆ් මහත්මිය සඳහන් කළාය.