FAST NEWS

24×7 Around the Globe

මහේල එංගලන්තයේ වැඩ අරඹයි – දිගුකල් සේවය ගැන අභියෝගයකුත් ලැබෙයි.

ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල් ජයවර්ධන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක තනතුරේ රාජකාරි නිල වශයෙන් ආරම්භ කර තිබේ. මහේලට අමතරව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකයෙකු ලෙස කටයුතු කළ එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක පෝල් කොලින්ග්වුඩ්ද අදාළ රාජකාරි භාරගෙන තිබේ.

පාකිස්තානය හා එංගලන්තය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලිය මූලික කරගනිමින් මෙම පත්වීම සිදුකළේ පසුගිය අගෝස්තු 04 වැනිදාය.

කෙසේ වෙතත් අදාළ තරගාවලිය එංගලන්තය ජයගතහොත් මහේලගේ සේවය දීර්ඝ කිරීම පිළිබඳව සිතාබලන බව එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ කළමනාකාරු ඇන්ඩ්‍රෘ ස්ට්‍රාව්ස් මාධ්‍ය පවසා තිබේ.

එළැඹෙන ඔක්තෝබර් 13 වැනිදා ටෙස්ට් තරගාවලියෙන් ඇරඹෙන අතර ඒ සඳහා ටෙස්ට් තරග 3 ක්, එක්දින තරග 4 ක් හා විස්සයි විස්ස තරග 3 ක් ඇතුළත් වෙයි.

ආසියානු තණතිලි මතදී දඟ පන්දු යවන්නන්ට විශේෂඥයෙකු වූ මහේලගෙන් අරාබි තණතීරු හැසිරෙන්නේ කෙසේද යන්න හා පාකිස්තානු දඟ පන්දුව පාලනය කිරීම සම්බන්ධයෙන් උපදෙස් එංගලන්ත කණ්ඩායමට ලැබීමට නියමිතය.