කශෝගිව ඝාතනය කළ වගකීම මම බාර ගන්නවා – සෞදි කුමරු

කශෝගිව ඝාතනය කළ වගකීම මම බාර ගන්නවා – සෞදි කුමරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයේ වගකීම තමන්ට බාර ගැනීමට සිදුවන බව සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු පී.බී.එස්. නාලිකාවේ විශේෂ වාර්තා වැඩසටහනකට එක්ව අදහස් දක්වමින් සදහන් කර තිබේ.

මීට වසරකට පෙර සිදුවූ කශෝගි ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුට චෝදනා එල්ල වූ අතර , ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි.

ජමාල් කශෝගි සෞදියෙන් පිටවී ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට සම්බන්ධව කටයුතු කළ අතර ඔහු සෞදි සල්මාන් කුමරුන් දැඩි ලෙස විවේචනය කළ අයකු විය.

වසරකට පෙර කශෝගි තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට ගිය අවස්ථාවේදී ඔහු අතුරුදන් වූ අතර , පසුව අනාවරණය වූයේ සෞදි කුමරුන්ගේ සමීපතමයන් කණ්ඩායමක් කශෝගි ඝාතනය කර සිරුර විනාශ කළ බවය.

පී.බී.එස්. නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවට එක් වුණු කුමරුන් පවසා ඇත්තේ, තම සමීපතමන් තමන්ගේ අනුදැනුමකින් තොරව කශෝගි ඝාතනයට සම්බන්ධ වී ඇති හෙයින් ජමාල් කශෝගි ඝාතනයේ වගකීම බාර ගැනීමට තමන්ට සිදුවන බවය.